නමෝබුද්ධාය !

බෞද්ධයන්ගෙන්  වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනිති. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින්ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්හට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උත්පත්තිය සඳහා ධර්මයේ පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මේ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ප්‍රසස්ථ ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි.

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරුදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම මතු බුදුවරුන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි. සියල්ලෝම සුගතිය සඳහා පමා නොවෙත්වා ! වහ වහා මේ සත් ධර්මයේම පිහිට ලබත්වා !


සෑම පින්වත් බෞද්ධයෙකුම විශේෂයෙන් සැලකිය යුතු කරුණක්... 

බෞද්ධයාගේ අත්පොත  183 පිටුව කියවන්න

පින්දහම් කරනවිට කරදර හිරිහැර එන්නේ මේ නිසාය. සතර අපායේ නොවැටී ඉන් මිදෙන්න නොපමාව ආර්යමාර්ගයේ ගමන්කරන්න...*

බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න හැකියාවක් තිබෙන බව ප්‍රත්‍යක්ෂයි. මේ නිසා ඔබටත් සැප සහිත පසුබිමක සිට නිර්වානය අවබෝධ කරන්න හැකියාව තිබෙනවා.(For More...)


Share this page

මෙත් සිසිලසින් සියළු සිත් නැහැවේවා !

Powered by දහම් විල

ඔබත් දහම් විලේ දහම් පණිවුඩය ගෙනයන පින්වන්ත සාමාජිකයෙක් වෙන්න ෴

Daham Vila

දුර්මුඛ නොවී ඔබට ධර්ම දානය සඳහා වඩාත් පහසුවෙන් එකතු විය හැකියි ෴


දහම් රස වින්දෝ


 
නිර්වානය ඇත්තේ දුරක නො වේ. එය ඇත්තේ ඔබ ලඟමය..
X